සුරැකීමට කාලය හරි

කන්නෙලිය රක්ෂිතය අනතුරේ - සුරකිමු ශ්‍රී ලංකා ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි කන්නෙලිය රක්ෂිත වනාන්තරය තුළ මහා පරිමාණ සංචාරක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගනිමින් සිටින බව අනාවරණය වනවා.  පහතරට තෙත් කලාපීය වනාන්තරයක් වන කන්නෙලිය රක්ෂිතය මෙරටට ආවේණික සත්ත්ව සහ ශාක විශේෂ රාශියකින් සමන්විත පරිසර පද්ධතියකි.  මෙම රක්ෂිතය හරහා මාර්ග ඉදිකර සංචාරක ප්‍රවර්ධනයට සැලසුම් කරමින් සිටින බවයි ඊයේ (03) දිනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් “සුරකිමු ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් ප්‍රකාශ කර සිටින්නේ.  දැනටමත් එම රක්ෂිතය තුළ නීති විරෝධී දැව ජාවාරම්, වැලි ගොඩදැමීම්, මත්පැන් පෙරීම් ඇතුළු කටයුතු සිදුවන බව පරිසරවේදී සජීව චාමිකර සඳහන් කර සිටියා.  වන සංරක්ෂණ ආඥා පනත යටතේ ප්‍රකාශයට පත්කර ඇති රක්ෂිතයක නීති විරෝධී කටයුතුවල නිරත වීම වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි වරදක් වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. 

Comments

Popular posts from this blog